වර්තමාන ලෝකය,මිනිස් වර්ගයාගේ සිග්ර දියුණුවේ බලපෑමට යටත්ව වෙනස් මාවතක් ඔස්සේ පියනගන්න්ට පටන්ගෙන අැත.මුලු ලෝකයම විශ්ව ගම්මානයක් ලෙස ගෝලීයකරණය වාග්මූලය කරගනිමින් සියලු ලෝක වාසීන් එකම ජාලයක් තුල එකිනෙකා සම්බන්ධ කිරීමට එසේ දියුණු වුනු මානව මොලයට අද වන විට හැකියාව ලැබී අැත .හුදෙක් එය වැරදි හෝ නිවැරැදි බව තහවුරු කිරීම කල නොහැක්කකි.කිමද එය තීරණය කල හැක්කේ සාපේක්ෂතාවය අනුවයි.මෙසේ සිතමු.පිහියක් නිවසකට අනිවාර්ය මෙවලමකි.නමුත් පිහියෙන් කපනුයේ එලවලුද පලතුරු ද එසේ නැති නම් බෙල්ලද යන වග තීරණය කරනුයේ පිහිය භාවිතා කරන්නා මිස පිහියේ නිර්මාර්තු වරයා නොවන්නේය.වර්තමාන තාක්ෂණය ද එලෙසමය.එය භාවිතාකරන්නාගේ පරිශීලනයේ රුච්කත්වය මත, තාක්ශනය විවිධ අයුරින් අර්ත ගැන්වීමේ හැකයාව අැත.
මා සිතන අයුරින් නම්, වර්තමාන තුල තාක්ෂණය පිලිබඳ නොදැන සිටින්න අනුවනයෙකි.එසේ වූ පුද්ගලය,ලිං කටින් ගොඩ ආ නොහැකි මැඩියෙක් වැනි ය.කිමද යත් එම මැඩියා නිතිපතා දකිනුයේ අදුරම පමණි.බොහෝ විට ශ්රි ලංකාව වැනි රටක් පසුබෑමට ලක්ව අැත්තෙ හුදෙක් ශ්රි ලාංකික මිනිසාගේ මොලයේ ක්රියාකාරිත්වය මද බවක් නිසා නමි නොව.බොහෝ මිනිසුන්ගේ පුහු අදහස් හා ආකල්ප තවමත් අප සමාජයේ මුල් බැසගෙන පවතින්නක් නිසාවෙන් බව මාගේ මතයයි.බොහෝ විට ඔබ එයට එකග නොවේවි.ඔබ කියාවි තාක්ෂණය යනු දරුවන් රවටන මාරයෙකු බව.නමුත් එය මාරයෙක් කරගනුයේ අන් කිසිවෙකු නොව අපමය.බොහෝ විට දෙමාපියන් උත්සාහ කරනුයේ දරුවා තාක්ෂණයෙන් තොර කර ඉගෙනුම් මානසිකත්වයට අැද දැමීම පමණි.නමුත් සිදුවිය යුත්තේ දියුණු වෙමින් පවතින ලෝකය සමඟ තරගකාරී ලෙස ඉදිරියට යාමට දරුවා හුරු කිරීමයි.එ සමගම දරුවාගේ යහපත් ආකල්ප ද එලෙසින්ම වැඩීමටද දෙමාපියන්ගෙ යුතුකමකි.එසේ නොවුනහොත් දිනක සමාජය තුල දරුවන් මුහුනපාන්නේ ඉතා අසරණ තත්ත්වයකටයි.දරුවන් හොද හෝ නරක වෙන් කර හදුනා ගැනීමට නම්,හොද නරක යනු මොනවාදැයි දැන සිටිය යුතුයි.යහපත් හා අයහපත් දෙපාර්ශවය පිලිබඳවම දරුවාගේ අවබෝධය වැඩි කිරීම වර්තමාන වැඩිහිටි පරම්පරාවෙ යුතුකමක් හා වගකීමක් වන බව මට සිතේ.එය කෙසේ වුවද දැල්වෙන ඉටිපන්දම් එලියට රවටුනු පලගෙටියන් ඉටිපන්දම් දැල්ලෙන්ම විනාශ වී යාවි.නමුත් අවසානයේ ඉටිපන්දම එයට වගකිව යුතුද?
😍
ReplyDelete💪💪💪😍😉 eka patta
ReplyDeletethank you shan
Delete👍👍👍
ReplyDelete